33 C
Colombo
Tuesday, April 16, 2024

මෙරට කොවිඩ් ප්‍රභේද දත්තවල පරස්පරතා – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

- Advertisement -

වර්තමානයේ මෙරට කොවිඩ් 19 ආසාදනය වන සියලු පුද්ගලයින් ජාන විශ්ලේෂණය සඳහා යොමු නොකරන බැවින් මෙරට ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේදවල සංඛ්‍යා දත්තවල පරස්පරතා පැවැතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ඔමික්‍රෝන් වැනි කොවිඩ් ප්‍රභේද වැළදුණු පුද්ගලයින් පිළිබඳව නිසි දත්ත ලබා ගැනීම ගැටලු සහගත බවයි.

“අපි සාම්පල් පරික්ෂාවෙන් සොයා ගන්නා රෝගීන් සංඛ්‍යාව සෑම විටම සම්පූර්ණ සංඛ්‍යාව ලෙස ගණන් ගන්න බෑ. කොවිඩ් -19  පොසිටිව් හැටියට PCR පරීක්ෂණවලට ලක්කළ සියලුදෙනාම නැවත ජාන විශ්ලේෂණයක් කරන්නේ නෑ. එවැනි තත්ත්වයක් තුළ මේ සියලුම ඔමික්‍රෝන් ප්‍රභේද අපි හඳුනා ගන්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ මේක හැම වෙලේම කොවිඩ් ද නැද්ද කියලා. එහෙමත් නැතිනම් ඔමික්‍රෝන්ද නැද්ද කියලා ඩෙල්ටා ද නැද්ද කියලා බැලු බැල්මට පෙනෙන්නේ නෑ. ඒ වගේම තමා ඔමික්‍රෝන් ප්‍රභේදය අනිත් ප්‍රභේදයන්ට වඩා වේගයෙන් හැදෙනවා කියන එක. මේ සියල්ල සිද්ධ වෙන්නේ පැතිරෙන්නට ඉඩ දුන්නොත් විතරයි. අපි පැතිරෙන්නට ඉඩ නොදී සෞඛ්‍ය සම්පන්නව හිටියොත් මේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙන්නෙත් නෑ.”

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද පවසන්නේ මේ වන විට පවත්නා කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන දත්ත කිසිසේත් පිළිගත නොහැකි තත්ත්වයක පසුවන බවයි.

මෙරට කොවිඩ් වසංගත තත්ත්වයක් නොමැති තත්ත්වයක් පෙන්වා දෙමින් නිකුත් කරන එම දත්ත නිසා සාමාන්‍ය ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් සැහැල්ලුවෙන් ජීවත්වන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

එම නිසා නැවතත් වසංගත තත්ත්වයක් ඇති වුවහොත් ඊට සම්පූර්ණයෙන් වගකිවයුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ත්‍රිරෝද රථ අනතුර‍කින් එකම පවුලේ 7කට තුවාලයි

පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එකම පවුලේ 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊට ළමයි 04 දෙනෙකුත් ඇතුළත් බවයි වාර්තා වන්නේ....

වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනා රිමාන්ඩ්

බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි තරුණයෙකුට දැඩිලෙස පහරදී එහු මරා දැමීමට තැන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

ලිස්සන ගසක් කඩා වැටී 4ක් රෝහලේ

ගම්පොළ, ගම්පලවෙල, රජඇළගම ප්‍රදේශයේ ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීන් ඇතුළු...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...