අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන පත් වුණා.
විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එම නිලධාරියා දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග අන්තරේ කැඳවුම්කරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පසුව පොලීසිය විසින් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් පිරිසක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.
නිදහස් අධ්‍යාපනය – නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල ඇතුළු වෛද්‍ය උපාධි කඩ වහා අහෝසි කරනු, ඊනියා අධ්‍යාපන ප්‍රතිපත්තිය හකුළා ගනු යනු , යන සටන් පාඨ මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.