25 C
Colombo
Friday, March 29, 2024

ගෑස්වලින් උයද්දී ඩොලර් පිච්චෙනවා; දර කුස්සියට යන්න..! – සනත් නිශාන්ත

- Advertisement -

ගෑස් ලිප් භාවිතා කිරීමෙන් ඩොලර් පිච්චෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාරියපොල කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමින්.

එබැවින් ගෘහණියන් යළිත් දර ලිප් භාවිතයට හුරුවිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“අද මේ වෙනකොට කෙටියෙන් කියනවා නම් අපට ආනයන කරගන්න බැරි තත්වයකට රට නිර්මාණය වෙලා තියෙනවා. මම දැන් මේ මන්ත්‍රීකම්, ඇමතිකම් කරන 24 වෙනි අවුරුද්ද. මේ කතා කරන මොහොත වෙනකොටත් අපේ ගෙදර තවමත් දර කුස්සියේ තමයි ලිප පත්තු වෙන්නෙ.

මම ආසන සංවිධායකවරයා හැටියට කටයුතු කරන ආණමඩුවේ ගත්තාම ආණමඩුවේ ඕනෙ තරම් දර තියෙනවා. නවගත්තේගම, කරුවලගස්වැව, වනාතවිල්ලුව, එව්වාගෙත් සමහර උදවිය උයන්නෙ ගෑස්වලින්, දර කෑල්ල කුස්සියෙන් ගන්න පුළුවන්කම තියෙද්දී. හැබැයි මේ පිච්චෙන හැන ගිනි පුළිඟුවක් හරහා ම අපේ රටේ ඩොලර්ස් තමා පිච්චිලා පිට රටට යන්නෙ. ඒක තමා මම යෝජනා කළේ අපට දැලි කුස්සිය හදාගන්න පුළුවන් නම් හොඳයි කියලා”

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...