අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා නොහොත් නදුන් චින්තක නැමැති සංවිධානාත්මක අපරාධකරුට පලායාමට ආධාර උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
පසුගිය 10 වැනිදා අත් විලංගු ලිහිල් කර හරක් කටා නැමැත්තාට පලායාමට ආධාර අනුබල දුන් මෙම පොලිස් කොස්තාපල්වරයා එම සිදුවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගොස් තිබුණා.
පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කළේ ත්‍රිකුණාමළය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා සොයා මේ වන විට කණ්ඩායම් කිහිපයක් විමර්ශන සඳහා යොදවා ඇති බවයි.