24 C
Colombo
Thursday, March 30, 2023

කොරෝනා තොර කළ නවසීලන්තයෙන් යළිත් කොරෝනා

- Advertisement -

නවසීලන්තයෙන් යළිත් කොවිඩ් 19 ආසාදිතයන් හමු වී තිබෙනවා. දකුණු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වී ඇති අතර ඒ අනුව ඕක්ලන්ඩ් නගරය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව බීබීසිය වාර්තා කරනවා.

ඊයේ(14) රාත්‍ය්රේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර මාසය හයකට පසුව මෙවැනි දැඩි තීරණයකට එළඹීම විශේෂත්වයකි.

ඕක්ලන්ඩ් නගරය සහ අනෙක් ප්‍ර‍දේශ අතර සියලු සබඳතා අත්හිටුවා ඇති අතර නරගයට පිවිසෙන සියලු මාර්ගවල මාර්ග බාධක දමා තිබෙනවා. ඕක්ලන්ඩ් නගරය තුළ තෙවැනි මට්ටමේ ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වන අතර නගරයට ඇතුළුවීම හා නගරයෙන් පිටවීම දැඩිලෙස සීමා කර තිබේ.

මේ අතර එම නගරය හැර රටේ සියලු ප්‍රදේශ සඳහා දෙවැනි මට්ටමේ සීමා පනවා ඇත.

එරට අගමැති ජසින්ඩා අර්ඩෙන් මහත්මිය නගරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවසට වී සිටීමෙන් වෛරසය පැතිර යෑම නතර කිරීමට සහාය ලබාදෙන ලෙසයි. මෙම පැතිරීම සිදුවන්නේ වැඩි සම්ප්‍රේෂණයක් සහිත නව ප්‍රභේදයක් වියහැකි බැවින් සියලු දෙනා දැඩි විමසිල්ලෙන් පසුවීම වැදගත් වන බවද ඇය පවසනවා.

ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති තිදෙනාම එකම පවුලේ සාමාජිකයන් වන අතර ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

ජසින්ඩා අර්ඩෙන් මහත්මිය ප්‍රමුඛ නවසීලන්ත රජය වෛරසයට සාර්ථකව මුහුණදුන් අතර මේ නිසා ලොව බොහෝදෙනාගේ පැසසුම් හිමිවිය. වෛරසය මර්දනය කිරීම සඳහා එරට රජය මුල සිටම දැඩි තීරණය ක්‍රියාත්මක කළ අතර සෞඛ්‍ය උපදෙස් කඩකළ එරට සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට පවා සිදුවිය.

RECENT ARTICLES - SINHALA

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...