28 C
Colombo
Sunday, October 1, 2023

එන්නත්කරණය වේගවත් නිසා කොරෝනා මරණ භූමදානය ප්‍රශ්නයක් නෑ

- Advertisement -

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබා දී ඇත්තේ කිසිදු පාර්ශ්වයක හෝ විදෙස් රටක හෝ බලපෑමක් නිසා නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව කොවිඩ් මරණ භූමදානයට අවසර දීම සිදු වූයේ එවැනි බලපෑමක් නිසා බවට ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවයි ඔහු පවසන්නේ.

භූමදානය සඳහා අවසර ලබා දුන්නේ එන්නත්කරණය ආරම්භ කර ඇති නිසා බවත්, එන්නත්කරණය වේගවත්ව සිදුවන බැවින් කොවිඩ් මරණ භූමදානය කිරීමෙන් කිසිදු අවදානමක් නොමැති බව අමුණුගම මහතා පවසනවා.

භූමදානය සඳහා අවසර ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටුව විසින් නිර්දේශ ලබා දී ඇත්තේද එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමෙන් පසු කොවිඩ් මළසිරුරු භූමදානය කිරීමේ අවදානමක් නොමැත යන පදනම මත බවද ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...