28.3 C
Colombo
Saturday, April 20, 2024

ජෝසප් ස්ටාර්ලින්ට කොරොනාද? සමාජ මාධ්‍යවල පලවන පුවත ඇත්තක්ද?

- Advertisement -

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ දින වල සමාජ මාධ්‍යවල විවිධ සටහන් හුවමාරු වනවා.

එම සටහන් බොහෝ දෙනා තවත් අය සමඟ බෙදාගන්නා (Share) ආකාරය දක්නට ලැබෙන අතර ඇතැමුන් ඒවාට අදහස් දක්වමින් (Comments) වෛරී ප්‍රකාශද සිදුකර තිබෙනවා.

සැබැවින්ම ජෝසප් ස්ටාර්ලින් මහතාෙ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින්නේදැයි News19 ඒ මහතාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සදහන් කළේ පසුගිය දින දෙක තුනක් පුරාවටම එවැනි මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා සිදුකරමින් පවතින බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්ය.

කොවිඩ් ආසාදිතව නිරෝධායනයේ පසුවන බවට පවසන තමන් පෙරේදා දිනයේත් (24), ඊයේ දිනයේත් (25) ප්‍රවෘත්ති සාකච්ඡාවන්ට සහභාගීවී ගුරු-විදුහල්පති වැටුප් ගැටළුව පිළිබදව අදහස් දැක්වූ බවද ස්ටාර්ලින් මහතා සිහිපත් කළා.

එමෙන්ම අද (26) දිනයේ ගුරු-විදුහල්පති වැටුප් ගැටළුව පිළිබදව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡාවක් තිබෙන බවත් මේ මොහොතේ එම සාකච්ඡාවට සහභාගීවීම සඳහා ගමන් කරමින් සිටින බවත් ඔහු පවසා සිටියා.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින් මහතා හට කොවිඩ් ආසාදිතව සිටින බවත් ඔහු මේ වන විට නිරෝධායනට යොමුකර ඇති බවටත් සමාජ මාධ්‍යයන් හී පලවන විවිධ තොරතුරු අසත්‍ය බව පැහැදිළිවනවා.

ගුරු-විදුහල්පති වැටුප් ගැටළුව සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා ගුරුවරුන් සිවයින පුරා සිදුකල උද්ඝෝෂණ ව්‍යාපාරයන්ගෙන් පසුව බොහෝ දෙනා ගුරුවරුන් ඉලක්ක කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදුකළා.

ඉන් බොහෝමයක කියැවුණේ අදාළ උද්ඝෝෂණවලට සහභාගීවූ ගුරුවරුන් රැසක් කොවිඩ් ආසාදිතව සිටින බවත් ඇතැම් ගුරුවරුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්ය.

කෙසේ වෙතත් ඒ පිළිබදව සොයාබැලීමේදී තහවුරු වූයේ ගුරුවරුන් මියගියබවට සමාජ මාධ්‍යවල පලකල ඡායාරූප හා දත්ත වෙනත් රටවල පුද්ගලයින්ගේ ඡායාරූප යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස්කරන ලද ඒවා බවයි.

ව්‍යාජව සකසනලද සමාජ මාධ්‍ය පුවත

මුල් ඡායාරූපය

ව්‍යාජව සකසනලද සමාජ මාධ්‍ය පුවත

මුල් ඡායාරූපය

ව්‍යාජව සකසනලද සමාජ මාධ්‍ය පුවත

මුල් ඡායාරූපය

ව්‍යාජව සකසනලද සමාජ මාධ්‍ය පුවත

මුල් ඡායාරූපය

ව්‍යාජව සකසනලද සමාජ මාධ්‍ය පුවත

මුල් ඡායාරූපය

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...