රන්ජන් රාමනායකට කොරෝනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. අගුණකොළපැලැස්ස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රාමනායක මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව තහවුරු කර සිටිනවා. පාර්ලිමේන්තුවට අපහාස කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතා හට වස‍ර 4ක සිර දඬුවම් නියම වී තිබෙනවා.