ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 එන්නත්කරණ වැඩසටහන අද ආරම්භ වුණා.
එහිදී පළමුව යුද හමුදා රෝහලේදී හමුදා නිලධාරීන් 03 දෙනෙකු හට එන්නත් කරමින් මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙුණා.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් රැගත් ගුවන් යානය ඊයේ (28) කටුනායක ගුවන්තොටුපල වෙත ළඟා වුණා.
අදාල එන්නත් තොගය ඉන්දියානු මහකොමසාරිස්වරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබූවා.

