ලොව පුරා මාධ්‍යවේදීන් හා මාධ්‍ය සංවිධාන එක්ව කළ දීර්ඝ ගවේෂණාත්මක මාධ්‍යකරණයක ප්‍රතිඵලයක් ලෙස පැන්ඩොරා පත්‍රිකා මුදාහැරුණා. එහි සටහන් වූයේ දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින් වැනි බලපෑම් සහගත පුද්ගලයින් පවත්වාගෙන යන අක්වෙරළ ගිණුම් හා සමාගම් පිළිබඳවයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් වැනි ලෝක දේශපාලන ප්‍රබලයින් අතරට දහස් ගණනක් දකුණු ආසියානුවනද, ඇතුලත් වුණා. ඒ අතුරින් බහුතරයක් පකිස්තානුවන් වනවා. එහි විශේෂත්වය නම් දිළිඳු රටවල් අතර ඉහළින්ම ඇති පාකිස්ථානයේ කොටසකට රටින් පිටත කෝටි ගණනක දේපළ හිමිව තිබීමයි .
ඉම්රාන් ඛාන් ට 2018 දී බලයට පැමිණීමට මඟ පෑදූ සුවිශේෂී කාරණාවක් ලෙස 2016 දී නිකුත් වූ පැනමා පත්‍රිකා හඳුන්වා දිය හැකියි. නවාස් ෂරීෆ් සම්බන්ධයෙන් පැනමා පත්‍රිකාවලින් හෙළි වූ කාරණා !දූෂණයට එරෙහිව” සටන් පාඨය යටතේ හිටපු පාලකයන් බලයෙන් පහ කිරීමට තරම් ඉම්රාන් ඛාන්ට ප්‍රමාණවත් වුණා.
නමුත් ඉන් තෙවසරකට පසු පැන්ඩෝරා පත්‍රිකා මගින් දූෂණයට එරෙහිව පත් පත්කරගත් ඛාන් ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ ඇමරිකානු ඩොලර් මිලියන ගණනක අක්වෙරළ ගිණුම් පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා.
ඒ අතර අතර පාකිස්තාන මුදල් අමාත්‍ය Shaukat Tarain, ජල සම්පත් අමාත්‍යය Moonis Elahi ද වනවා. පැන්ඩොරා පත්‍රිකාවල ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ නමින් පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ හා බදු නිදහස් රටවල කළ ගනුදෙනු පිළිබඳ තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා. මුදල් අමාත්‍ය Tarain සතු අක්වෙරළ සමාගම් හතරක් පිළිබඳ තොරතුරු පැන්ඩොරා පත්‍රිකා මගින් අනාවරණය කර තිබෙනවා. අමාත්‍ය Moonis Elahi සිය පවුලේ දේපළ විකිණීමෙන් ලැබෙන ලාභය ආයෝජනය කිරීම සඳහා සිංගප්පුරුව හරහා ක්‍රියාත්මක අක්වෙරළ පහසුකම් සැපයීමේ සමාගමක් සමග පවත්වාගෙන ගිය සබඳතා පිළිබඳ පැන්ඩොරා පත්‍රිකාවල සඳහන්. Elahi දූෂිත ගනුදෙනු රැසක් පිළිබඳ චෝදනා එල්ල වූවෙක් ලෙසද සැලකෙනවා.
අමාත්‍යවරුන්ට අමතරව ඉම්රාන් ඛාන්ගේ හිටපු ප්‍රධාන උපදේශක Waqar Massod Khanගේ පුත්‍රයා බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්වල පිහිටි සමාගමක සම හිමිකරුවෙක් බව පැන්ඩොරා පත්‍රිකා මගින් හෙළි කරනවා. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අර්බුදයක් හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී මාසයේදී ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ Faisal Vawda බ්‍රිතාන්‍යයේ ආයෝජන සඳහා අක්වෙරළ සමාගමක් පිහිටුවා ගෙන තිබෙනවා.
පාකිස්ථානයේ හමුදා සාමාජිකයන්ගේ නම් හෙළිදරව් වීමත් සමඟ ඉම්රාන් ඛාන්ගේ හිතවතුන්ගෙන් සමන්විත පාකිස්තාන ප්‍රභූ කවයන් තුල මුදල් ගසාකෑමවලට ඉඩ සැලසෙන බවට දිගු කලක් තිස්සේ පැතිර යන කටකතාවලට නව පණක් ලැබී තිබෙනවා. විශේෂයෙන්ම හමුදා ප්‍රධානීන්ගේ වත්කම් මාධ්‍යට නිරාවරණය නොවන තරම් පැන්ඩොරා පත්‍රිකාවලින් සිදු කෙරෙන්නේ ඒ නොපෙනෙන සත්‍යය හෙළිදරව් කිරීමයි.
පැන්ඩෝරා පත්‍රිකා මගින් හිටපු අමාත්‍ය අමාත්‍යවරයෙක් හා හමුදා ප්‍රධානියෙක් වන Raja Nadir Pervez බ්‍රිතාන්‍ය අවි ජාවාරම්කරුවෙක් ද සම්බන්ධ බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් සමාගමක සිදු කර ඇති ආයෝජන පිළිබඳ තොරතුරු හෙළි කර ගෙන තිබෙනවා.
ඉන්දු – පාකිස්තාන ඓතිහාසික පසමිතුරු කම් අමතක කර ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයකුගේ පුත්‍රයෙක් පාකිස්තානයේ ලුතිනන් ජෙනරාල් Shafaat Ullah Shahගේ බිරිඳට තෑගි කළ ලන්ඩනයේ සුපිරි මහල් නිවසක් පිළිබඳවද පැන්ඩෝරා පත්‍රිකාවල තොරතුරු සඳහන්.
පැන්ඩෝරා පත්‍රිකාවලින් කළ හෙළිදරව් කිරීම් පිළිගත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකරන බවයි. නීති විරෝධී ලෙස ධනය එක් රැස් කර ගත් සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට ඔහු සහතික වුණා.
කෙසේ වෙතත් පැන්ඩෝරා හෙළි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරන පකිස්තාන මහජන පක්ෂයේ මන්ත්‍රී Shazia Marri පැවසුවේ පැනමා පත්‍රිකා අනාවරණය වූ අවස්ථාවේ විපක්ෂයේ සිට ඉම්රාන් ඛාන් හැසිරුණු ආකාරය හා අනුගමනය ක්‍රියා කළ ක්‍රියාමාර්ගය අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු දැන් හැසිරෙන ආකාරයට බොහෝ සෙයින් වෙනස් බවයි. පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ඉම්රාන් ඛාන්ගේ කැබිනට්ටුවේ සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බව Marri පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පරීක්ෂණ සඳහා කොමිසමක් පත් කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙය බවත් ඔවුන් ඊට වඩා දෙයක් නොකරන බවත් Shazia Marri පවසා තිබුණා. ගත යුතු ක්‍රියාමාර්ග කල්දැමීම සඳහා පාකිස්තානය අනුගමනය කරන සාර්ථකම ක්‍රමය කොමිසමක් පත් කිරීම බවත් මෙය වත්මන් ආණ්ඩුවේ පළමු කොමිසම නොවන බවත් විපක්ෂය පෙන්වා දෙනවා.
පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙලිවන දකුණු ආසියාවේ එකම රටේ පකිස්ථානය නොවේ. ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් පිළිබඳවද පැන්ඩොරා පත්‍රිකා හෙළිදරව් කර තිබුණා. නිරූපමා රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරියක් වුවත් ආණ්ඩුව පවසන්නේ ඔවුන් අතර කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවයි මේ වන විටත් ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර ඇත්තේ සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර මාසයක කාලසීමාවක් තුළ තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි. එම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම තිරුකුමාර් නඩෙිසන්ගෙන් දින දෙකක් ප්‍රකාශ ද සටහන් කර ගත්තා.
දේශපාලන සබඳතා සහිත නේපාල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ නම් ද පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන්. ඒ අතර Binod Chaudhry, Diwakar Golcha, Ajeya Parajuli වැනි ධනකුවේරයන් සිටිනවා.
andorra පත්‍රිකාවල නම් සඳහන් තුන්සියයක් පමණ වන ඉන්දියානුවන් අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්, ව්‍යාපාරික අනිල් අම්බානි සිටියද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය අනුගමනය කළ දූෂණයට එරෙහි දැඩි ප්‍රතිපත්ති හේතුවෙන් දේශපාලනඥයින්ගේ නම් පැන්ඩොරා පත්‍රිකාවල සඳහන් නොවන බවයි බොහෝ දෙනාගේ විශ්වාසය. නමුත් නිලධාරී තන්ත්රයේ පහළ මට්ටමේ පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ රජයේ බරපතළ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
දූෂණ හා බදු පැහැර හැරීමෙන් නීතිවිරෝධි උපයාගන්නා මහා ධනස්කන්ධයක් ආරක්ෂිතව සඟවා ඇති අතර ඒවායේ හිමිකරුවන් අතිශයින්ම ධනවත් පුද්ගලයින් වනවා. සමාජයේ ප්‍රභූ පැලැන්තියේ කොටසක් ජාතික ධනය මෙලෙස රටින් පිට කිරීම හේතුවෙන් සම්පත් හිඟ කමින් පොරබදන ආණ්ඩුවලට පාසල්, සෞඛ්‍ය වැනි පොදුජන අවශ්‍යතා සඳහා ආයෝජනය කිරීමට නොහැකි වී තිබෙනවා. දැනට ගණනය කර ඇති ආකාරයට බදු පැහැර හැරීම නිසා වාර්ෂිකව ඉන්දියාවට අහිමි වන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 420 කට අධිකයි.
OXFAMආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ නව සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය මුදල්, අමතර රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය වැටුප්, පශ්චාත් කොවිඩ් ප්‍රතිසංස්කරණ සඳහා අරමුදල් නොමැති බවට දේශපාලනඥයින් ප්‍රකාශ කළ ද පැන්ඩෝරා පත්‍රිකා මගින් ඒවා සොයාගත හැක්කේ කොතැනින්ද යන්න අනාවරණය කර ඇති බවයි.