32 C
Colombo
Saturday, April 20, 2024

චීනයේ හිටපු අධිකරණ ඇමතිට වැඩ වරදින ලකුණු

- Advertisement -

චීනයේ හිටපු අධිකරණ ඇමතිවරයා මෙන්ම එරට පාලක කොමියුනිස්ට් පක්ෂයේ සමාජ සහ නීති සබදතා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙන් හුවා හට දූෂණ චෝදනා යටතේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එරට වාර්තා සදහන් කරයි.

මෑත කාලීනව චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයන්ට දූෂණ චෝදනා එල්ල වීම ඉහළ ගොස් ඇති බවත් විශේෂයෙන් එහිදී දේශපාලන සහ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ අය සිටීම කණගාටුදායක බවත් එරට විශේලේෂකයන් උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍යයක් වන ග්ලෝබල් ටයිම්ස් වාර්තා කර තිබේ.

චීනයේ මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි මෙන්ග් හොන්ග්වෙයි හට 2020 ජනවාරි මාසයේදී දූෂණ චෝදනා මත වසර 13 ක සිර දඩුවමක් නියම විය.

චීනයේ තවත් ජ්‍යෙෂ්ඨ කොමියුනිස්ට් පක්ෂ නායකයෙකු වන පෙන්ග් බෝ පිළිබදව ද මේ වන විට දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් ඇති බව ග්ලෝබල් ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’...

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...