නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ.
රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට 20 වන දින දක්වා අවසර ලබා දි තිබු අතර එම කාළය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදි සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබු කාලය ජනවාරි මස 10 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 24 වන දින නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව මෙරටට ආනයනය කරන ලද සහල් යළිත් අද දිනයේ සිට නිශ්කාශනය කිරීමේ කටයුතු සිදුකරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර කෘෂීකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රජය ආනයනය කළ මෙට්‍රික් ටොන් 780ක පළමු සහල් තොගය ඊයේ රාත්‍රී කොළඹ වරාය වෙත ළඟාවීමට නියමිතව තිබු බවයි.
එම සහල් තොගය කඩිනමින් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.