24 C
Colombo
Sunday, February 16, 2025

කෝටි ගණනක සැක වාහන සමඟ අඹුසැමි යුවළක් මාට්ටු

- Advertisement -

පොලිස් මාර්ග බාධකයේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදුණු අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන කළ පරික්ෂාවේ දී රුපියල් කෝටි ගණනාවක් වටිනා සැකකටයුතු සුඛෝභෝගී වාහන 5ක් පොලිස් භාරයට ගත් බව රාගම පොලිසිය පවසනවා.

එම වාහන අතර සුඛෝභෝගී ජීප් රථ තුනක්, බෙන්ස් රථයක් සහ වැගන් ආර් මෝටර් රථයක් වන බව පොලිසිය සඳහන් කරනවා.

රාගම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් කීප දෙනෙකු රාගම බටුවත්ත සූසාන භූමිය අසල දිවා මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරුපැදියක් නවතා පරික්ෂා කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් අමතා පරුෂ වචනයෙන් බැණ වදිමින් එම ස්ථානයේ ආවේගශීලීව හැසිරී ඇතැයි පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු එම පුද්ගලයන් පැමිණි වාහනේ ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම්දීමත් සමගම ඔවුන් මෝටර් රථයෙන් පලා ගොස් ඇති අතර, පලා ගිය මෝටර් රථයේ ලියාපදිංචිය අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාරයාලය වෙත ලබා දී තොරතුරු ලබාගෙන එහි හිමිකරු සොයා ගනේමුල්ල, දකුණුගල හිටියාව ප්‍රදේශය කරා ගිය බව පොලිසිය සඳහන් කරනවා.

පොලිස් බාරයට ගත් වාහන වලට අදාල කිසිදු ලිපි ලේඛනයක් මේ වන විටත් ඉදිරිපත් කර නොතිබූ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

ප්‍රධාන සැකකරුට මෙම වාහන ලද ආකාරය සම්බන්ධයෙන් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ, අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ වයස අවුරුදු 34-35 අතර පසුවන බවත් අනෙක් පුද්ගලයා වයස අවුරුදු 32 ක අයෙක් බවයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES