26 C
Colombo
Friday, March 29, 2024

ගෝඨාභයට මෙරට අධිකරණයෙන් නොතීසි..!

- Advertisement -

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (27) යළි සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට අනවශ්‍ය බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු කළ දැනුම්දීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය රනිල් වික්‍රමසිංහ එම පෙත්සම්වලින් නිදහස් කිරීමට ද නියෝග කළා.

එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් පෞද්ගලික මට්ටමින් නම් කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගෝස්තු මස 01 වනදා එම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යවන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කර සිටියා.

එම නොතීසි ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වශයෙන් පදිංචිව සිටි ලිපිනය වෙත යොමු කරන ලෙස අධිකරණය වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...