27 C
Colombo
Wednesday, April 23, 2025

Onmax DT ගැන අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන Onmax DT  නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට කඩිනමින් විමර්ශන අවසන් කර  සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

සැකකාර Onmax සමාගමේ මුදල්  ආයෝජනය කිරීම සඳහා ජනතාව පොළඹවමින් බයිනෑන්ස් ගිණුම්  හරහා ජනතා මුදල්   වංචා කල එම සමාගමේ දෙවැනි පෙළ  නියෝජිතයෙකු යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නුවර ප්‍රදේශයේ ඉසුරු පියමාල් අමරසේකර සැකකරු නොවැම්බර් 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

දිනේෂ් චතුරංග නමැති සැකකරු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඉසුරුම් පියුමාල් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ බයිනෑන්ස් ගිණුම් හරහා මුදල් ආයෝජනය කිරීම සඳහා සැකකරු විසින් තැන්පත්කරුවන්ව පොළඹවා ඇති බවයි.

රුපියල් බිලියන 1.3 මුදලක්, වංචා කර ඇති බවට නමුත් පැමිණිලි මඟින් අනාවරණය වන බවයි සඳහන් කළේ.

අගතියට පත් තැන්පත්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සී.ආර්.ටී.එම් 441 ආකෘති පත්‍රයක් සකස් කර දිවයිනේ සියලු පොලිසිය වෙත පොලිස්පතිවරයා විසින්  යොමු කර ඇති බවත්, අගතියට පත් පැමිණිලිකරුවන්ට ඒ ආකෘතිය පත්‍රය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

පාසලට ඇතුල්කරන විට වෙන අසාදාරණ අපිට කියන්න-හරිනි

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.  පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම්...

POPULAR ARTICLES

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

කොළඹ කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 11.87 කින් පහළ වැටුණා. ඒ අනූව ඒකක 15,543.99 ලෙසයි සටහන් වුණේ. මේ හේතුවෙන් වාර්තා වන පිරිවැටුම...