24 C
Colombo
Thursday, February 13, 2025

අර්චුනාගේ නඩුවකට අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබෙනවා.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණු අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් මෝසමක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද අධිකරණයට ඉදිරිපත් වූ අතර මහේස්ත්‍රාත්වරයා පවසන්නේ, සැකකරු සිය ජාතික හැඳුනුම්පත සමඟින් අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ රාමනාදන් අර්චුනා යන නමින් වුව ද අනුරාධපුර පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති මුල් බී වාර්තාවේ සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අර්චුනෑ ලෝචනා යනුවෙන් බවයි.

ඒ අනුව අද දින අධිකරණයට ඉදිරිපත් වුණ සැකකරුගේ නම සහ පොලිසිය බී වාර්තාව මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති නම අතර පරස්පරතාවයක් තිබෙන බැවින්  මහේස්ත්‍රාත්වරයා ඒ අනුව නඩුවට අදාළ සැකකරුවකු ලෙස රාමනාදන් අර්චුනා යන අය ඉදිරිපත්වීම පිළිගත නොහැකි බව සඳහන් කළා.

එබැවින් නිවැරදි සැකකරු සොයා අධිකරණයට වාර්තා කරන මෙන් අධිකරණය එම අවස්ථාවේදී නියෝග කළ බව මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ නීතිඥවරයා පවසනවා.

ඒ අනුව, අදාළ නඩුව එළැඹෙන 03 වනදා දක්වා කල් තබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES