26.1 C
Colombo
Monday, July 21, 2025

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

- Advertisement -

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කුලී පදනමක් මත ලබා ගත් වාහන අවභාවිතා කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් ඔහුට චෝදනා එල්ල වෙමින් තිබුණා.

මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුගේ නඩුවක් මීට පෙර ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ අවස්ථාවේ විභාගයට ගෙන තිබෙන නිසා එම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ නඩුව සුදුසු අධිකරණයක් වෙත යොමු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවට යොමු කරනු ලැබුවා.

ඒ අනුව ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට යොමු කළ අතර එහිදී සුජීව නිශ්ශංක විනිසුරුවරයා සඳහන් කළේ තමන් මෙම විත්තිකරුගේ නඩුවක් මීට පෙර විභාග කර ඇති නිසා එය වෙනත් අධිකරණයකට යොමු කරන ලෙසයි.

ඒ අනුව මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා හමුවට යොමු කෙරුණු අතර එම විනිසුරුවරයා ඉදිරියේ අදාළ නඩුව අගෝස්තු මස 20 වනදා යළි කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES