27.4 C
Colombo
Wednesday, June 7, 2023

GMOA නිලවරණය වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තීරණාත්මක නිලධරයන් සිව් දෙනෙකු පත් කිරීම සඳහා ජුනි 26 වන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

වෛද්‍යවරුන් පස් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමට කටයුතු කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කිරීමට කටයුතු කරන ලදී.

පෙත්සම්කරුවන් විසින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ 2021/2022 සඳහා නිලධරයන් තෝරා පත් කර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා තිබුණි.

වත්මන් සභාපති අනුරුද්ධ පාදෙණිය සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මෙවර නිලවරණයේ සභාපතිධූරය සඳහා ඉදිරිපත් වූ නමුත් වෛද්‍ය ජයරුවන්ගේ නාම යෝජනා සංගමය මඟින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ව්‍යාජ චෝදනාවන් යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වූ තමාගේ නාමයෝජනා සංගමය විසින් හිතාමතාම ප්‍රතික්ෂේප කර ඇති බව පවසමින් වෛද්‍ය බණ්ඩාර කොළඹ දිස්ත්‍රික් උසාවියේ නඩුවක් ගොනු කිරීමෙන් පසුව නිලවරණය නීතිමය සටනක් දක්වා වර්ධනය විය.

RECENT ARTICLES - SINHALA

BREAKING – මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කියා සිටියේ...

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...