හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ලබන 05 වනදා දක්වායි.
කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට අදාලව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ හිටපු අමාත්‍යවරයයෙකු වූ ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
ඒ අනුව හිටපු අමාත්‍යවරයාද අත්අඩංගුවට ගෙන එළැඹෙන 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහර මහේස්ත්‍රාත්වරය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.