25 C
Colombo
Friday, March 29, 2024

අසාත් සාලි මුදා හැරීමට අධිකරණය නීතිපති මතය විමසයි

- Advertisement -

2012.03.10 දින කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු මස 16වනදා පස්වරුවේදීයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ අසාත් සාලි මහතා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි එහිදී එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත්, මාධ්‍ය හමුවේ සිදු කරණු ලැබු ප්‍රකාශයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව පසුව බන්ධනාගාරගත කළ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමක් සිදු කර හෝ නිතිපතිවරයගේ නියෝජනයක් මත ලබන 13 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (06) නියෝග කරනු ලැබුවා.

ඒ සැකකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෝසමක් මගින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අසාත් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අසාද් සාලි මහතා සම්බන්ධව කිසිඳු වරදක් අනාවරණය නොවන බැවින් සැකකරු මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.

කෙසේ නමුත්, නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර ඒ හේතුවෙන් සතියක කාලයක් ඒ සඳහා ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ලබන 13 වන දින නීතිපතිවරයාගේ නියෝජනයක් රැගෙන හෝ උපදෙස් ලබාගැනීමක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදි.


RECENT ARTICLES - SINHALA

විදුලිසැර වැදී සිසුන් දෙදෙනෙක් රෝහලේ

දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ නිවාස ඉදිකිරිම සඳහා උණ ගස් කැපිමට ගිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බවට...

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...