24 C
Colombo
Sunday, November 3, 2024

හීලෑ අලි ගැන අධිකරණය දුන් නියෝගය

- Advertisement -

අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු නැවත එම හිමිකරුවන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නිකුත් කළ නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ,වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට ඊයේ (30) නියෝග කර තිබෙනවා.

ඒ, පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටියදී මීට වසර 08කට පෙර (2016) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි හීලෑ අලි තිදෙනෙකු සම්බන්ධයෙන්.

කළුතර, අවිස්සාවෙල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ සිටි හීලෑ අලින් තිදෙනකු 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එසේ අත්අඩංගුවට ගන්නා ලද අලි තිදෙනා නැවත එම හිමිකරුවන් වෙත භාර කරන ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 23වන දින අධිකරණය මගින් නිකුක් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පැහැර හැර ඇති බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය එම නියෝගය නිකුත් කළා.

එම අලි තිදෙනා මේ වනවිට උඩවලව රඳවා තබා ඇති බව අධිකරණය මාර්ගයෙන් අනාවරණය වුණා.

RECENT ARTICLES - SINHALA

ප්‍රමිතියෙන් තොර කෑම පෙට්ටි සහ වතුර බෝතල්

පාසල් දරුවන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් කෑම පෙට්ටි ඇතුළු ප්ලාස්ටික් ද්‍රව්‍ය බොහොමයක් ප්‍රමිතියෙන් තොර ඒවා බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. එම සංගමයේ...

අස්වැසුමෙන් අසාධාරණයට ලක්වු පිරිස ගැන හොයන්න කමිටුවක්

අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ...

ඡන්ද කාඩ් බෙදන්න අද විශේෂ දිනයක්

2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 8 සිට...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ඇල්පිටියෙන් හමු වූ රු මිලියන 50ක අම්බර්

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය...