27 C
Colombo
Friday, April 19, 2024

“කොවිඩ් 19 භයානක අදියරක” – මහජන පරීක්ෂකවරු පවසති

- Advertisement -

කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් ලංකාවේ දැන් ඇත්තේ භයානක තත්ත්වයක් යැයි සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

නව වෛරස් ප්‍රභේද කවරාකාරයෙන් හැසිරේදැයි තාක්ෂණික විශේෂඥයන් මේ වනතුරුත් අනාවැකි පළ කර නැතැයි එහි සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

නව වෛරස ප්‍රභේදය දිවයින පුරා පැතිරීමේ අවදානමක් ඇතැයි ද තීරණාත්මක අවස්ථාවකට නැවත රට පත්ව ඇතැයි ද රෝහණ මහතා කියයි.

මෙම තත්ත්වය ප්‍රතිපත්ති සම්පාදකයන් හා පාලකයන් අවබෝධ කරගත යුතු යැයි ද රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ මෙම අනතුරුදායක තත්ත්වය හටගත්තේ ආණ්ඩුවේ වැරදි තීරණ නිසා බවයි.

ගුවන් හා මුහුදු සීමා පනවමින් ලෝකයේ සංචරණය නතර කර ඇති අවස්ථාවක සංචාරකයන් ගෙන්වීමට තැත්කිරීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී යැයි රත්නප්‍රිය මහතා චෝදනා කරයි.

යුක්‍රේනයෙන් පළමු වරට රැගෙන ආ සංචාරක පිරිසේ කොවිඩ් වෛරස ආසාදිතයන් හය දෙනෙකු වාර්තා වුවත් එම ගුවන් යානයේ පැමිණි සෙසු විදේශිකයන් නිරෝධායනය නොකළේ යැයි චෝදනා කරන හෙතෙම එහි ප්‍රතිපල භුක්ති විඳීමට සිදුව ඇත්තේ මහජනතාවට යැයි ද පවසයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...