29 C
Colombo
Wednesday, June 7, 2023

දින 10 ට කොවිඩ් මරණ 591 ක් – ඇල්ෆා, බීටා, ඩෙල්ටා ලංකාවේ !

- Advertisement -

ගත වූ දින 10 ක කාලය තුළදී මෙරට කොවිඩ් මරණ 591 ක් සිදුව ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී අද (05) ප්‍රකාශ කළා.

එම කාලය තුළ කොවිඩ් ආසාදිතයන් 21,344ක් වාර්තා වී ඇති අතර, පීසීආර් පරීක්ෂණ එක් ලක්ෂ තිස් හතර දහස් එකසිය හැත්තෑ නවයක් කර ඇතැයිද ඇමතිවරිය කීවාය.

වසංගතයක් ලෙස කොවිඩ් රෝගයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් ගණන මොහොතෙන් මොහොත වෙනස් වන බවත් දිනපතා වාර්තා වන රෝගීන් සේම සුවය ලබා රෝහල්වලින් නික්ම යන රෝගීන් ද සැලකිය යුතු සංඛ්‍යාවක් බවත් ඇය සදහන් කළාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරිය මේ බව කීවාය.

දැඩි සත්කාර ඒකකවල මේ වන විට රෝගීන් 164 දෙනෙකු ප්‍රතිකාර ලබන බව පැවසූ ඇමතිවරිය ලෝකය පුරා ඇල්ෆා, බීටා, ගැමා සහ ඩෙල්ටා යන කොවිඩ් ප්‍රබේද වාර්තා වන බවද ප්‍රකාශ කළාය. එයින් මෙරට තුළ ඇල්ෆා, බීටා සහ ඩෙල්ටා යන ප්‍රබේද වාර්තා වී ඇතැයි ද ඇය සදහන් කළාය.

වයස අවුරුදු 10 ට අඩු කොවිඩ් ආසාදිත දරුවන් දහනවදහස් හයසිය අසු අටක් වාර්තා වී ඇති බවත් අවුරුදු 10 ත් 18 ත් අතර දරුවන් විසිහය දහස් එකසිය හතලිස් තුනක් වාර්තා වී ඇති බවත් ඇමතිනිය කීවාය.

එසේම කොවිඩ් ආසාදනයවීමෙන් වයස අවුරුදු 18 ට අඩු දරුවන් 14 දෙනෙකු මියගොස් ඇති බව කී ඇමතිවරිය අවුරුදු 18 ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත දිය හැකිද යන්න ගැන අධ්‍යයනය කරමින් සිටින බවද පැවසුවාය.

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...