පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිටත් කොවිඩ්

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. මීට අමතරව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මාතලේ පිහිටි ඔහුගේ නිවසේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාද කොවිඩ් ආසාදනය වී තවමත් නිරෝධායනයේ පසුවනවා.