30.6 C
Colombo
Thursday, April 25, 2024

ඔක්තෝබර් 1දා සිට කොවිඩ් සීමා ලිහිල් වීමක්?

- Advertisement -

ඔක්තෝම්බර් 1දා සිට, පියවර වශයෙන් කොවිඩ් සීමාවන් ඉවත් කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ උපදෙස් ලබාදී ඇති බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කර සිටිනවා.

වත්මන් වසංගත තත්වය පිළිබඳව සොයා බැලීමට කොවිඩ් කාර්ය සාධක බලකාය ඊයේ රැස්වූයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්. ඒ, නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් බැහැරව සිටීම හේතුවෙන්.

කොවිඩ් තහනම ඉවත් කර, පියවර වශයෙන් රට විවෘත කිරීම සඳහා නව මාර්ගෝපදේශ සකස් කරන ලෙස මෙම රැස්වීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් ලැබිණි.

කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමට සහ මරණ අවම කිරීමට රජය අගෝස්තු 21 දින නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබීය.

ඒ වනවිට දෛනිකව වාර්තා වන රෝගීන් ගණන 4,000කට ආසන්න ගණනක් වූ අතර දෛනික මරණ ගණන 250ක් පමණ විය.

කෙසේ නමුත්, සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව දෛනිකව වාර්තා වන රෝගීන් ගණන සාමාන්‍යයෙන් දිනකට රෝගීන් 1300-1,400 ක් පමණ වන අතර මරණ වාර්තා වන්නේ සාමාන්‍යයෙන් 100 ට අඩුවෙනි.

එමෙන්ම, ඊයේ පැවති රැස්වීමේදී, මෙම වසරේ අවසාන මාස දෙක තුළ අවම වශයෙන් සංචාරකයින් 200,000 ක් පමණ ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩ සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට උපදෙස් ලැබිණි.

තවද, කොවිඩ් තත්ත්වය පිළිබඳව විමසීමේදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ව්ව් සම්බන්ධයෙන් නිශ්චිත යමක් කීමට කල් වැඩි බවයි.

එන්නත් ලබා ගත් නමුත් මහජනතාව සෞඛ්‍ය පියවරයන් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ඔහු නැවත අවධාරණය කරන ලදි.

“එන්නත ලබා ගැනීමෙන් ඔබට ආරක්ෂාවක් ලැබෙනවා. නමුත්, එන්නත මඟින් ආසාදන වීම සම්පූර්ණයෙන් වළක්වා ගන්න බෑ. ඒක හරියට හෙල්මට් පැලඳගෙන බයිසිකලයක් පැදීම හා සමානයි.

ඔබ හෙල්මට් පැළඳ සිටින විට හදිසි අනතුරකදී හිසට වන තුවාල වලින් ඔබ ආරක්ෂා වෙනවා. නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ ඔබ අනතුරකට ලක් වෙන්නෙ නෑ කියලා, ”ඔහු පැවසීය.

RECENT ARTICLES - SINHALA

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී...

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...