25 C
Colombo
Saturday, March 25, 2023

කොවිඩ් මෘත දේහ ආදාහනය අනිවාර්ය කරමින් පැනවු ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම විභාගය ඇරඹේ

- Advertisement -

කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට රජය තීරණය කර තිබෙන්නේ එම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම අවම කොට මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් යැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර තිබුන පෙත්සම් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම කරුණු අනාවරණය කළේය. 

මෙම පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයකු  භූමදානය කිරීම තුළින් එම වෛරසය ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හමුවී නොමැති බව පැවසීය. 

ඉතාලිය, ඇමරිකාව ඇතුළු බටහිර රටවල්වල කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයන් සිය ගණනින් භූමදානය කෙරෙන බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඒ හරහා එම රටවල වෛරසය ව්‍යාප්ත වීමක් සිදුවී තිබෙන බවට කරුණු අනාවරණය වී නැතැයිද කියා සිටියේය.

මෙරට නිරෝධායන පනත තුළින් පවා භූමදානය අනුමත කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මෙරට රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින කොවිඩ් ආසාදිතයින්ගේ අපජලය පවා මුදා හැරෙන්නේ විවෘත පරිසරයට බව සඳහන් කළේය.

ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින් ගේ මෘත ශරීර භුමදානය කිරිමට අවසර හිමිවිය යුතු බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ඇතුළු නීතිඥවරු කීපදෙනෙකු ද කරුණු ඉදිරිපත් කළේය.

අනතුරුව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් මෙම පෙත්සම හරහා අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය කර තිබෙන්නේ සෞඛ්‍යමය කරුණක් බව පෙන්වා දුන්නේය.

මෙම කරුණ සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ, සෞඛ්‍ය විශේෂඥයින්ට පමණක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා ඒ පිළිබඳව අධිකරණයකට තීරණයක් ගත නොහැකි බව කියා සිටියේය.

කොවිඩ් හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීරය භූමදානය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශ කර තිබුණත් එම සංවිධානය විසින්ම 1998 වසරේ නිකුත් කළ වාර්තාවක් මඟින් මෘත ශරීර හරහා වෛරස ව්‍යාප්ත විය හැකි බවට මතයක් පළකර තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

මෙම මෘත ශරීර ආදාහනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන්නේ කිසියම් ආගමක් හෝ ජනවර්ගයක් අතෘප්තියට පත්කිරීමේ අරමුණින් නොවන බවත් එය හුදෙක්ම මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ගත් පියවරක් බවත් ඔහු පැවසුවේය.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් හා විද්‍යාඥයින් තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටින පසුබිමක එම මෘතශරීර භූමදානය කිරීමෙන් එම වෛරසය ව්‍යාප්තිය සිදුනොවන බවට අධිකරණ ශාලාව තුළ සිට පෙත්සම්කරුවන් ඉදිරිපත් කරන ප්‍රකාශ  පිළිගත නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

වැඩිදුර කරුණු විමසීම හෙට (01) දිනට කල් තැබුණි.

කොරෝනා වසංගතයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක්කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව 11ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතීකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඔවුන්ගේ සංස්කෘතික පැවැත්මට පටහැනි බවය.

-ADA DERANA-

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...