ඊයේ (29) දිනයේ කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් දක්වා ඉහළ ගියා.
පෙරේදා (28) සිදුව ඇති එම කොවිඩ් මරණ 66න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 41දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
මියගිය පුද්ගලයින්ගෙන් 17 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින් බවත් සෙසු පුද්ගලයින් 46දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්.