27 C
Colombo
Friday, March 29, 2024

දිස්ත්‍රික්ක 5 ක කොවිඩ් වසංගතය යළි හිස ඔසවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

- Advertisement -

මහජනතාව වගකීමෙන් ක්‍රියා නොකරන්නේ නම් එළඹෙන උත්සව සමයේදී යළිත් සංචරණ සීමා කිරීම් සලකා බලන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනතුරු අඟවනවා.

මේ වන විට සති අන්තයේ විනෝද චාරිකා සඳහා යන ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැති බවට නිරීක්ෂණය වී ඇතැයි ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

මේ අතර අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

පොදු උත්සව, මංගල උත්සව සහ ආගමික වතාවත් සඳහා ජනතාව එක්රැස්වීම හේතුවෙන් වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවයි ගුණවර්ධන මහතා පවසන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසයි.


RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

මහ සිකුරාද දිනය අදයි, දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...