32 C
Colombo
Sunday, June 4, 2023

දරුවෙකු බිහි කළ කොවිඩ් ආසාදිත මවක් ජීවිතක්ෂයට

- Advertisement -

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවක් දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් ඊයේ (14) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.

මෙම කාන්තාව කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි ගැබිනියක් වූ බවත් ඇය දරු ප්‍රසූතිය සඳහා නිකවැරටිය රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට මාරුකර එවා තිබූ බවත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා සඳහන් කරනවා.

ඇයට සිදුකළ PCR පරීක්ෂාවේදී කොවිඩ් ආසාදනය වී ඇති බවට හෙළිවී ඇති අතර අපස්මාර රෝගී තත්වයෙන්ද පෙළී ඇති බැවින් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමක් සිදුකර තිබෙනවා.

එහිදී අපස්මාර රෝගී තත්ත්වය උත්සන්නවීමත් සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් මව ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ වෙතත් දරුවා බේරාගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

මේ වනවිට දරුවා සෞඛ්‍ය සම්පන්නව නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

RECENT ARTICLES - ENGLISH

A President who dependents on thieves will not catch thieves – Sajith

Leader of the Opposition Sajith Premadasa says that a leader dependent on thieves cannot catch thieves. This was at...

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.