කොවිඩ්-19 වසංගතය විශාල ලෙස ඉහළ යාමත් සමඟ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන ධාරිතාවයෙන් ඔබ්බට පිරී ගොස් ඇති අතර වෛද්‍යවරුන් සහ අනෙකුත් නිලධාරින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
ප්‍රතිකාර මධ්‍යස්ථානයන් හි බාහිර කොරිඩෝ හි පවා ඉඩක් නොමැති වීම නිසා රෝගීන්ට වාහන තුළ දී ප්‍රතිකාර කරනු ලබන ආකාරය එම පුවත්පත වාර්තා කර ඇත්තේ ඡායාරූපයක් ද උපුටා දක්වමින්.
ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගෙන ආ රෝගියකු වෙත වෑන් රථයක් තුළදීම සේලයින් ලබා දෙන ආකාරය එම ඡායාරූපයේ සටහන්ව තිබුණේ මෙසේය.
