29.7 C
Colombo
Wednesday, April 24, 2024

රට වසා දමා තිබියදී විවෘත කර තිබූ සුපිරි වෙළඳසැලක කාර්ය මණ්ඩලයේ 07 කට කොවිඩ්

- Advertisement -

නිරෝධායන ඇඳිරි නීතී සමයේ විවෘත කර තිබූ එප්පාවල සුපිරි වෙළඳසැලක කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් හත් දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හදුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ (16) පස්වරුවේ සිට එම සුපිරි වෙළඳසැල වසා දමන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

නිරෝධායන ඇදිරි නීතිය පැවතියද විවෘත කිරීමට අවසර හිමිව තිබූ සීමාසහිත එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් එප්පාවල කෝප් සිටි ( coop city) සුපිරි වෙළඳසැලෙහි කාර්ය මණ්ඩලයේ අයෙකු රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් සිදු කළ රැපීඩ් ඇන්ටිජන්ට් පරික්ෂාවකදී ඔහු ආසාදිතයෙක් බවට හදුනාගෙන තිබෙනවා.

පසුව ඊයේ (16) පස්වරුවේ සෙසු සේවකයින් කීප දෙනෙකුටද රැපීඩ් ඇන්ටිජන්ට් පරික්ෂාවක් සිදු කර ඇති අතර, එහිදී එම ආයතනයේ තවත් සේවක සේවිකාවන් 06 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසනවා.

අදාළ වෙළඳසැලෙන් ආසන්නතම දින වල ගණුදෙනු සිදු කළ සියලු පාරිභෝගිකයින් දැඩි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙසත්, යම් රෝග ලක්ෂණයක් පවතින්නේ නම් සෞඛ්‍ය අංශ දැනුම්වත් කරන ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලා සිිනවා.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

රනිල්ට අභියෝගය රනිල්ම තමයි-රවී

මොන කයිවාරුව ගැහුවත් රට ගොඩ ගැනීමේ අභියෝගය භාර ගැනීමට සිටියේ එක පුද්ගලයෙක් බවත් මේ වන විට ජනතාවට එය පෙනෙන්නට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ...

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...