25 C
Colombo
Thursday, April 18, 2024

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ්

- Advertisement -

ඉකුත් සති දෙකක කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසනවා.

වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා සදහන් කරන්නේ පසුගිය ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 14 වැනි දින දක්වා කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28 ක පාසල් දරුවන් 64 දෙනෙකුට මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

මේ අතර පාසල් ළමුන් මිලියනයකට ෆයිසර් එන්නත ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සැලකිය යුතු කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණයක් දෛනිකව වාර්තා වන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා වෛද්‍ය ආර්.එම්.රත්නායක මහතා පැවසුවේ පසුගිය සති 2ක තුළ පමණක් කොවිඩ් රෝගීන් 2,000 ඉක්මවා වාර්තා වු බවයි.

ඒ අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ ප්‍රාථමික අංශ සිසුන් සහ ගුරුවරුන් බවද වෛද්‍යවරයා සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටිලා

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එම නිලධාරියාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය...

නිවසක් තුළ කාන්තා මළ සිරුරු දෙකක්

කළුතර දකුණ පොලිස් වසමේ ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ...

ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල තීන්දුව ගැන සලකා බැලීම අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙන බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...