24 C
Colombo
Monday, December 11, 2023

පොළොන්නරුවේ අවුරුදු තුනහමාරක දැරියකටත් කොවිඩ්

- Advertisement -

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්‍නේරිය – සමගිපුර ග්‍රාම සේවා වසමෙි පදිංචි වයස අවුරුදු 3 හමාරක දැරියක් කොවිඩ් 19 වෛරසය ආසාදිතය හදුනාගෙන තිබෙනවා.

යළිත් කොවිඩ් රැල්ල උත්සන්න වූ පසුව මෙතරම් අඩුවයසක දරුවෙක් කොවිඩ් ආසාදිතව සොයාගත් පළමු අවස්ථාවද මෙය වනවා.

එම දරුවාගේ මවටත් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවය හදුනාගෙන තිබෙනවා.

මේ අතර කුඩා දරුවන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් දැකිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රවේසම්කාරී විය යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ ගැබිණි මව්වරුන්ට මෙම වෛරසය ආසාදනය වුවහොත් සංකූලතා ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි.

නිරෝධායන මධ්‍යස්ථානවලින් මෙන්ම රෝග ලක්ෂණ සහිතව රෝහල්වලට පැමිණෙන පිරිස් අතරින්ද මේවනවිට කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනෙන බැවින් ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්යය බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...