තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොවිඩ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාද කොවිඩ් ආසාදනය වී තවමත් නිරෝධායනයේ පසුවනවා.