29.7 C
Colombo
Wednesday, April 24, 2024

ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට කොවිඩ් එන්නත

- Advertisement -

විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන් වෙනුවෙන් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රදානත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී අද (24) ආරම්භ කෙරුණා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට ප්‍රමුණතාව ලබාදෙමින් කොවිඩ් 19 වැළදීමේදී ඇතිවන සංකූලතා සහ මරණ අවම කර ගැනීමේ අරමුණ ඇතිව වයස අවුරුදු 12 – 19 අතර ළමයින්ට ෆයිසර් එන්නත ලබාදීම මෙහිදී සිදුකිරීමට නියමිතයි.

කොළඹ, කුරුණෑගල, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිදන්ගත රෝග සහිත දරුවන් හට පළමුව එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එය ලබන සතියේ සිට දීප ව්‍යාප්තව සිදුකෙරන බවයි.

RECENT ARTICLES - SINHALA

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...