ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රම සඳහා මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ මිලියන තුනකට ඉක්මවූ පාරිභෝගිකයන් ලියාපදිංචි වී ඇති බවත් එම ක්‍රමය ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු පවසන්නේ එතෙක් වාහනයේ ලියාපදිංචි අංකයේ අග අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අදාල දිනයන්හි සිදු කරන බවයි.
අමාත්‍යවරයාට අනුව,
වාහන අංක තහඩුවේ අග අංක 0,1, 2 – අඟහරුවදා සහ සෙනසුරාදා
3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා
යන දිනවලදී ද ඉන්ධන ලබා දීමට නියමිතයි.
මෙහිදී යතුරු පැදි සඳහා රුපියල් 1500කුත් ත්‍රි රෝද රථ සඳහා රුපියල් 2500කුත් සෙසු වාහන සඳහා රුපියල් 7000කුත් ඉන්ධන ලබා දෙන බව අමාත්‍යවරයා පවසනවා.