ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලැබීම සමරා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිටදීද රතිඤ්ඤා දල්වා තිබෙනවා.
අද (21) දහවල් එම පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් අදාළ ණය මුදල පිළිබඳව සදහන් කරන අවස්ථාවේ එම පක්ෂයේ සාමාජිකයින් ප්‍රධාන මාර්ගයට පැමිණ මෙලෙස රතිඤ්ඤා දල්වනු දැකගත හැකි වුණා.
මීට අමතරව රත්නපුර ඔරලෝසු කණුව අසළදීද ප්‍රධාන මාර්ගය අසළ විශාල වශයෙන් රතිඤ්ඤා දල්වා තිබෙනවා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජික මරියකඩේ කිත්සිරි නොහොත් මරදානේ චොප්පෙගේ පුත්‍රයාගේ මෙහෙයවීමෙන් අද දහවල් මරියකඩේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේද රතිඤ්ඤා දල්වා තිබීමද විශේෂත්වයක්.