28.4 C
Colombo
Friday, April 26, 2024

ක්‍රෙඩිට් කාඩ් පොලී ඉහළට

- Advertisement -

රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය.

එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු අද වන විට 30% ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව මෙම වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට තුළ සක්‍රීයව පවතින ණය කාඩ්පත් ප්‍රමාණය 1,973,481 ක් ලෙසින් සටහන්ව තිබේ. මෙම ණය කාඩ්පත් වෙනුවෙන් 2022 අප්‍රේල් මාසය අවසන් වන විට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 138,192 කි.

2022 වසරේ මුල් මාස 04 තුළ දී මෙරට සක්‍රීය ණය කාඩ්පත් ප්‍රමාණය 46,286 කින් ඉහළ ගොස් ඇති අතර මුළු ණය කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 4,907 කින් වැඩි වී ඇත.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...