ලියාපදිංචි සියලු වෘත්තීය සමිතිවල විධායක සාමාජිකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වෘත්තීය සමිති වෙත ලිපියකින් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ලබන මස 30 වනදාට පෙර කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත එම ප්‍රකාශ ලබාදිය යුතු බව එම ලිපියේ සඳහන් වෙනවා.
මේ අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ මාධ්‍යන්හි අසත්‍ය ප්‍රකාශ පළකරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
මීට අදාළ යෝජනා ලබාගැනීම මේ දිනවල සිදුකරන අතර නව නීති කෙටුම්පත් කිරීමක් මේ දක්වා සිදුකර නොමැති බව ඔහු පෙන්වා දෙනවා.