28.4 C
Colombo
Friday, April 26, 2024

කොවිඩ් මාර්ගෝපදේශ ඉවතදමා වැලමිටියාවේ කුසලධම්ම නාහිමිට ආදාහන පූජෝත්සවයක්

- Advertisement -

අපවත්වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන ඉරිදා (31) සිදුකිරීමට නියමිත බවට රජය නිවේදනය කරනවා.

ඒ අනුව 27 වනදා රාත්‍රියේ අපවත්වූ උන්වහන්සේගේ දේහය දින 4 කින් අනතුරුව අදාහනය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කොවිඩ් ආසාදිත නොවන මෘත දේහයක් මළ සිරුර මුදා හැර පැය 24 ක් අවමංගල්‍ය කටයුතු සිදුකල යුතු වනවා.

එමෙන්ම එම අවමඟුල් උත්සවයේ සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යාක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත්තේ පුද්ගලයින් 20 දෙනෙකු පමණයි.

මේ අනුව කොවිඩ් ආසාදිත අපවත්වීමක් නොවන වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය දින 4 කට පසුව රාජ්‍ය ගෞරවද සහිතව පවත්වමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ගණනකට නොගන්නා තත්ත්වයක් රජය විසින්ම ඇතිකර තිබෙනවා.

මේ අතර පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘එක රටක් – එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පිහිටවනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...