27 C
Colombo
Wednesday, October 5, 2022

මෘතදේහ ආදාහනය කිරීමේ ගාස්තු ඉහළට

- Advertisement -

ගෑස්මිල ඉහළයෑම හේතුවෙන් මෘතදේහ ආදාහනය කිරීමේ ගාස්තු ඉහළ දැමීමේ පුවතක් කුරුණෑගලින් වාර්තාවනවා.

ඒ අනුව මෘතදේහ ආදාහන කිරීම සඳහා මුදල් අයකරන ආදාහනාගාරවල ගාස්තු සංශෝධනය කිරීමට කුලියාපිටිය නගර සභාව තීරණය කර තිබෙනවා.

වෙළෙඳපොළේ ගෑස්මිල ඉහළයෑමත් සමඟ එහි පාඩුව නගර සභාවට දරාගත නොහැකි බැවින් අදාළ තීරණය ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව කුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා මෘත දේහයක් ආදාහනය කිරීම සදහා පැවති රුපියල් 8000 ගාස්තුව සංශෝධනය කරමින් එහි නව ගාස්තුව ලෙස රුපියල් 10,000 ක මුදලක් නියම කර තිබෙනවා.

එමෙන්ම කුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන් බැහැර පුද්ගලයන්ගේ මෘත දේහයක් ආදාහනය කිරීමට මීට පෙර ලබාගත් රුපියල් 9000 මුදල රුපියල් 11,000 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

නාමල් රාජපක්ෂටත් මන්දපෝෂණය..! – විමලවීර දිසානායක

මන්දපෝෂනය සම්බන්ධව ඇතැමුන් ගොඩ නගන තර්කය නිවැරදි නම් නාමල් රාජපක්ෂට මෙන්ම තමාට ද මන්දපෝෂණය තිබිය යුතු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන...

බුද්ධිමතුන්ව කපලා; මාවත් කපලා..! – දයාසිරි

කෝප් සහ කෝපා කමිටු වල සිටි බුද්ධිමතුන් පිරිස මෙවර ඉවත්කර ඇති බවත් තමාවත් ඉවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල...

සිංගප්පූරුවෙදි අර්ජුන මහේන්ද්‍රන් එක්ක දවල්ට කෑවෙ නෑ..! – රනිල්

ජපානයට යන අතරතුර සිංගප්පූරුවේ දී කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් සමඟ තමා දිවා ආහාරය ගත් බවට පැතිර යන කට කතාව අමූලික බොරුවක් බව ජනාධිපති...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...