29.1 C
Colombo
Thursday, April 25, 2024

ක්‍රිකට් පුවත අසත්‍යයි..! – ‍රෝහිත කළකිරීමෙන්

- Advertisement -

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන, ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා තමා ක්‍රිකට් ක්‍රීඩාකිරීමට හෝ ක්‍රිකට් පරිපාලනය සඳහා පිවිසීමට සූදානමින් සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම ප්‍රකාශය පහළින්,

මා මෙරට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සූදානම් වන බවට විශ්වාසදායක මාධ්‍ය ආයතන ගණනාවක් පුවත් පලකර තිබෙනු දැකීම දැඩි කළකිරීමකට කරුණකි. එල්පීඑල් තරඟාවලියේ ක්‍රීඩා කිරීමටද මම බලාපොරොත්තු වන බව සමහර ප්‍රවෘත්ති වෙබ් අඩවි පවසා ඇත.

මට ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ වීමට අදහසක් නැති අතර එල්පීඑල් සඳහා ක්‍රීඩා කිරීමේ අදහසක් ද නැත.

මම කිසියම් ක්‍රීඩාවක් කරනවා නම් මම ඊට මගේ 100% ක් ලබා දෙන අතර ඒ මම ක්‍රීඩා සඳහා කැමති බැවිණි. මම මේ මස 30 සහ 31 දෙදින රග්බි සත් සාමාජික තරඟාවලිය සඳහා දැනට සූදානම් වන අතර දැනට මම අපේ ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය කණ්ඩායම සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමි.

මෙම තොරතුරු ප්‍රකාශයට පත් කළ මාධ්‍ය ආයතන විසින් මගෙන් පූර්ව විමසීමක් නොකිරීම ගැන ගැන මම බෙහෙවින් කලකිරීමට පත්වන අතර මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පල කරන අයගෙන් මා ඉල්ලා සිටින්නේ යමෙකුගේ කීර්ති නාමයට හානි කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.

රෝහිත රාජපක්ෂ


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...