24 C
Colombo
Thursday, February 20, 2025

සිංගප්පූරුව සමකළ ක්‍රිකට් ලෝක වාර්තාව

- Advertisement -

මොංගෝලියානු කණ්ඩායම ලකුණු 10කට දවාගනිමින් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දවාගත් අඩුම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව සමකිරීමට සිංගප්පූරුව අද (05) සමත් වුණා.

එළබෙන විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය ‘ඒ’ කොටසේ තරගාවලියේදී සිංගප්පූරුව මෙම දක්ෂතාව දැක්වා තිබෙනවා.

මැලේසියාවේ බංගිහිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මොංගෝලියානු ඉනිම ලකුණු 10කට සීමා වූ අතර, ඉන් ලකුණු 02ක් අතිරේක ලකුණු වීමද විශේෂත්වයක්.

මොංගෝලියානු ඉනිමේ පිතිකරුවන් පස් දෙනෙකුම එකඳු ලකුණක් හෝ රැස්කර නොගෙන දැවීගිය අතර, ඉහළම ඉනිමද ලකුණු 02කට සීමා වි තිබුණා.

කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ සම අයිතිය හිමි අනෙක් රට ස්පාඤ්ඤය වන අතර, ඔවුන් ඉකුත් වසරේ පැවති තරගයකදී යුරෝපියානු දිවයිනක් වන Isle of Man කණ්ඩායම ලකුණු 10කට දවාගෙන තිබෙන බව පැවසෙනවා.

මෙහිදී මොංගෝලියානු ඉනිම සම්පූර්ණයෙන් අසරණ කරමින් සිංගප්පූරුව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හර්ෂ භරද්වාජ් ලකුණු 03කට කඩුලු 06ක් දවාගැනීමට සමත් වුණා.

මෙම පන්දු යැවීමද ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී පන්දු යවන්නෙකු දැක්වූ දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා අතරට එක්වනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES