33 C
Colombo
Thursday, April 18, 2024

හෙරොයින් නිසා සිරගතවූ ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංක නිදහස්

- Advertisement -

හෙරොයින් ග්‍රෑම් 2.7 ක් ළඟ තබා ගැනීම හේතුවෙන් සිරගත වූ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ශෙහාන් මධුශංක අද දින බිනර පොහොය නිමිත්තෙන් නිදහස් කොට ඇති බව වාර්තා වෙනවා.

පන්දු යවන්නන් අතරේ විශිෂ්ටයකු වූ ඔහු 2018 වර්ෂයේ දී පැවති තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා හොදම පන්දුයවන්නා ලෙස කුසලානයකටද හිමිකම් ලැබුවා.

2020 වර්ෂයේදී පන්නල පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව පන්නල කූඩලු පොත්ත යන ප්‍රදේශයේ දී ඔහුට අයත් වාහනය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 2.7 ක් සොයා ගැනීමට පන්නල දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්හට හැකි වුණා.

ඔහු කලක සිට හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු බවයි පසුව අනාවරණය වී තිබුණේ.

ඒ අනුව, ශෙහාන් මධුශංකට සියලුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනමක් පැණවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඒ ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි යන චෝදනාව මතයි.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...