31 C
Colombo
Saturday, April 20, 2024

ඕවා කරාට ගෑස්, තෙල් ලැබෙන්නෙ නෑ..! – ඇමති ප්‍රසන්න

- Advertisement -

ඊයේ දින ජනාධිපති නිවස ඉදිරිපිට සිදුවූ විරෝධතාවය ආදී විරෝධතා වලින් රටේ අර්බුදයට විසඳුම් නොලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, අද (01) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ඒ හරහා ගැටළු විසඳෙන්නේ නම් තමන් ද ඊට එක් වන බවයි ඔහු පවසන්නේ.

බිඳ වැටී තිබූ සංචාරක කර්මාන්තය කෙටි කලක් තුල නැවත නැගී සිටිමින් තිබූ බවත් ඒ හරහා රටට විදේශ විනිමය ලැබීම නැවැත්වීමේ විපක්ෂයේ අවශ්‍යතාවය මෙවැනි විරෝධතා වලට හේතුවී ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

“අපි දන්නවා රටේ අර්බුදයක් තියෙනවා. මේවා අපිම කරපු පවු නෙවෙයි. නිදහසෙන් පසු පත් වෙච්ච සෑම රජයකින්ම වෙච්ච දේවල් එක්ක රට මේ තත්වයට පත් වෙලා තියෙනවා.” යැයි අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කැබ් රථයක් විදුලි කණුවක ගැටීමෙන් දෙදෙනෙකුට තුවාල

මොරගහකන්ද - මාරගමුව ප්‍රදේශයේ දී කැබ් රථයක් අධි බැලැති විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇළහැර නාවුල ප්‍රධාන මාර්ගයේ සිදුවු මෙම අනතුරෙන්...

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රී පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදී ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා. මෙලෙස ශ්‍රී පාද...

කල්පිටියේ දූපත් පහකින් රජයට කෝටි 6ක පොල්ලක්

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් 5 දෙනෙකු රුපියල් කෝටි 6කට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි වාර්තා වනවා. මෙම බදු මුදල් අයවීමට නියමිතව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...