25 C
Colombo
Friday, February 14, 2025

මධ්‍යම අධිවේගයේ කෝටි ගානක මුදලක් වතුරේ

- Advertisement -

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක්  වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

මේ අතර එම වාර්තාවේ දැක්වෙන්නේ, කොළඹ රත්නපුර පැල්මඩුල්ල අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1025කට වැඩි මුදලක්ද නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 134 කට ආසන්න මුදලක්ද 2023 වසර වන විට  දේශීය අරමුදල් මඟින් වියදම් කර තිබූ නමුත් ඒවායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙන් තොරව පැවතුණ බවයි.

මේ අතර මහනුවර බහු විධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ ගෙදර කිරීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපාර අලාභ ලෙස පුද්ගලයන් 825 දෙනෙකුට රුපියල් කෝටි 72කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඉදිකිරීම් කටයුතු නිමවනතුරු මෙම වන්දි මුදල් දිගින් දිගටම ගෙවීමට සිදුවන්නේ යැයි නිරීක්ෂණය වූ බව පවසන එම කාර්යාලය වන්දි ගෙවූ පුද්ගලයන් අතුරින් දාහක් දෙනෙකුට 2023 සහ 2024 වසර සඳහා පිළිවෙළින් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් නැවත ගෙවීමට සිදුව තිබූ බව වාර්තාව සඳහන් කරනවා.

මෙම ව්‍යාපෘතිය 2021 මැයි මස 06 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද සිවිල් හා උපදේශන වැඩ සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඉසිවිල් වැඩ ආරම්භ කර නොතිබූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය එක කොටසේ නිමකළ වැඩ සඳහා කොන්ත්‍රාත්කරුට 2023 දෙසැම්බර් 31 දින වන විට රුපියල් කෝටි 4034 කට වැඩි මුදලක් ගෙවීම් කර නොතිබූ බවත් ඒ අනුව කොන්ත්‍රාත් ගිවිසුමේ සාමාන්‍ය කොන්දේසි ගිවිසුමෙහි සාමාන්‍ය කොන්දේසි අනුව  ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවදානමක් පවතින බවත් විගණන වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේය.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...