ලෝක වෙළෙඳ පොලෙහි බොර තෙල් බැරලයක මිල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.
පසුගිය සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල 4.1% කින් ඉහළ ගොස් ඇති අතර, එහි මිල සටහන්ව ඇත්තේ ඩොලර් 75. 59 ක් ලෙසයි.
WTI බොර තෙල් බැරලයක මිල 3.19% කින් ඉහළ ගොස් ඇති අතර, එම බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 80.61 ක් ලෙස දැක්වෙනවා.