32 C
Colombo
Thursday, March 28, 2024

කෲඩියා සිලෙනිකා රතු දත්ත පොතෙන් ඉවත් කර නෑ – පරිසර අමාත්‍යංශය

- Advertisement -

කෲඩියා සිලෙනිකා ශාකය රතු දත්ත පොතෙන් ඉවත්ව නොමැති බව පරිසර අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, පණුකරඳ ලෙස දේශීයව හඳුන්වන කෲඩියා සිලෙනිකා ශාකය 2020 රතු දත්ත වාර්තාවෙන් ඉවත් කොට ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සියල්ල ව්‍යාජ සහ අසත්‍ය පුවත් බවයි අමාත්‍යංශය අවධාරණය කර සිටින්නේ.

2012 දී ප්‍රකාශයට පත් කරන ලද රතු දත්ත ලැයිස්තුව, ශ්‍රී ලංකාවෙන් වඳ වී ගිය ශාක පහක් රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවත් අධිවේගී මාර්ගය තැනීමේදී විශාල ආන්දෝලනයක් ඇති කළ මෙම ශාකයේ පැළ කිහිපයක් මේ වන විට සොයාගෙන ඇති නමුත් එය 2020 රතු දත්ත වාර්තාවෙන් ඉවත් කොට ඇති බවට පලවන වාර්තා අසත්‍ය බවත් සිදුව ඇත්තේ එය වඳවී ගිය ශාකයක් ලෙස වෙනුවට දැඩි තර්ජනයකට ලක්ව ඇති ශාකයක් ලෙස වර්ගීකරණය කිරීමක් පමණක් බවත් අමාත්‍යංශය පවසනවා.

මෙම රතු දත්ත ලැයිස්තුව සම්පාදනය කර ඇත්තේ ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) නිර්ණායකයන්ට අනුව බවත් එම නිසා, අපට අවශ්‍ය පරිදි රතු දත්ත ලැයිස්තුව එකතු කිරීමට හෝ ඉවත් කිරීමට නොහැකි බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

මෛත්‍රීට අධිකරණයෙන් හදිසි නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ලාභයක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...