28.5 C
Colombo
Wednesday, April 24, 2024

ලංගම සේවකයන් ජනපතිගෙන් රුපියල් 40000ක බෝනස් ඉල්ලයි

- Advertisement -

ශ්‍රී ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනා ලෙස රු.20000 ක මුදලක් ද පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා රු. 20000 මුදලක් වශයෙන් රු. 40000 මුදලක් ලබාදෙන ඉල්ලා සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

එම සංගමය පවසන්නේ ශ්‍රී ලංගම සේවකයන් තම ජීවිතය පවතා නොතකා කොරෝනා වෛරසය පැවැති කාලයේ දී මේ මොහොතේ ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් සිදුකරන බවයි.

රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුධය හේතුවෙන් පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අධික මිලක් දැරීමට සිදුවීම හේතුවෙන් පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා අවම ලෙස රු. 20000ක මුදල් නැවත ගෙවීම මත පදනම්ව ලබා දෙන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් පසුගිය වසර තුළ තම සංගමය මෙවැනි මුදලක් ඉල්ලා සිටි ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් 13599ක මුදලක් හා පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ගෙවීම් පදනම මත රුපියල් 10000ක මුදලක් වශයෙන් රුපියල් 23500ක මුදලක් සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය ලබා දී තිබුණා.

ඔවුන් සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රුපියල් 40000ක මුදල කිසිඳු වර්ගීකරණයකින් තොරව සියලු ශ්‍රී ලංගම සේවකයන්ට ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙසයි අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද(24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව...

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...