27 C
Colombo
Wednesday, April 17, 2024

පාලි ථෙරවාදයත් – සංස්කෘත මහායානයත් අතර බෙදීම් අවම කර බුදුදහම නගා සිටුවීම සදහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය

- Advertisement -

ථෙරවාදී ගුරුකුලය, ක්‍රිස්තු පූර්ව 250 දී පමණ ඉන්දියාවේදී ක්‍රමානුකුලව හැඩගැස්වීමට පටන් ගත්තේය. ථෙරවාදී ගුරුකුලය බුද්ධාගමේ වඩාත්ම සාම්ප්‍රදායික ස්වරූපය ලෙස සලකනු ලැබේ. ප්‍රධාන වශයෙන් අග්නිදිග ආසියාවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය සහ ඉන්දියාව යන රටවල එම ගුරුකුලයට අයත් අනුගාමිකයෝ සිටිති. අනෙක් අතට මහායානය ප්‍රධාන වශයෙන් ටිබෙටය, ඉන්දියාව, චීනය, ජපානය, වියට්නාමය සහ කොරියාව යන රටවල සමකාලීන අනුගාමිකයන් සමඟ ක්‍රිස්තු පූර්ව 01 වැනි සියවසේදී පමණ සෙමෙන් නිර්මාණය විය.

ථෙරවාදී ග්‍රන්ථය ලියැවී ඇත්තේ පාලි භාෂාවෙනි. මහායාන සාහිත්‍යය රචනාවී ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. එබැවින් බුදුන්ගේ ඉගැන්වීම් සංස්කෘත සහ පාලි යන ප්‍රධාන භාෂා දෙකෙන්ම පරිවර්තනය කර ඇති බව පැහැදිලිය. වාචිකව පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි ථෙරවාදී බුදුදහම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වීමේදී ‘ත්‍රිපිටකය’ ‘පාලි’ භාෂාවෙන් සටහන් කරනු ලැබීය. මේ අතර ‘ප්‍රඥාපාරමිතා සූත්‍රය’ වැනි බොහෝ මහායාන සූත්‍ර සංස්කෘත භාෂාවෙන් විවිධ ලේඛන ආශ්‍රිතව රචනා විය. සාහිත්‍ය අරමුණු සඳහා සම්භාව්‍ය සංස්කෘත බෞද්ධ භාවිතය ‘බුද්ධචරිත’ කතුවරයා සහ මුල්ම සංස්කෘත නාට්‍යකරුවන්ගෙන් කෙනෙකු වූ, මහාසාංඝික බෞද්ධ දාර්ශනිකයෙක්ද වූ අශ්වඝෝෂ හිමියන් [ක්‍රි.ව. 100] සමඟ ආරම්භ වූවා යැයි සැලකේ. නාගාර්ජුන, ආර්යදේව, අසංග, වසුබන්ධු, දිග්නාග, ස්ථිරමති, ධර්මකීර්ති, භවිවේක, චන්ද්‍රකීර්ති ආදී බෞද්ධ චින්තකයෝ ද සංස්කෘත භාෂාවෙන් රචනා කළහ.

බුද්ධ දේශනාව විවිධ භාෂාවලින් රචනා කිරීම යම්කිසි ආකාරයක බෙදීමකි. එම බෙදීම න්‍යායික කරුණුවල සුළු වෙනස්කම් සහ ‘විනය’ සම්බන්ධ කාරණාවලදී පරස්පර තර්ක නිර්මාණය කර ඇත. වසර දහස් ගණනක් තිස්සේ නිර්මාණය වී ඇති එම හිඩැස අවම කර ගැනීමට කටයුතු කිරීමේ වගකීමක් බෞද්ධයන් සතු වේ.

ශ්‍රී ලාංකේය සන්දර්භය සලකා බලන විට, ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දේවානම්පියතිස්ස රජ සමයේ මිහිඳු හිමියන් විසින් හඳුන්වා දුන් ‘ස්ථවිරවාද’ හෙවත් පසුව ‘ථෙරවාද’ ලෙසින් හැඳින්වූ සාම්ප්‍රදායික සම්ප්‍රදාය ශ්‍රී ලංකාව තුළ මුල්බැසගෙන ඇත. පසුව ,ක්‍රිස්තු වර්ෂ 08 වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවස දක්වා ශ්‍රී ලංකා බුද්ධාගම මහායානයට විවෘත විය. අභයගිරි ථෙරවාදී භික්ෂූහු ශතවර්ෂ ගණනාවක් පුරා ඉන්දියානු බෞද්ධයන් සමඟ බොහෝ මහායාන අංගද සමග සමීප සබඳතා පැවැත්වූ අතර, ජේතවන විහාරස්ථ ථෙරවාදීහු මහායානය සුළු වශයෙන් අනුගමනය කළහ. ඒ අනුව ක්‍රිස්තුවර්ෂ 08 වැනි සියවසේදී ශ්‍රී ලංකාව තුළ මහායාන බුද්ධාගමේ ලක්ෂණ සැලකිවයුතු ප්‍රමාණයක් ක්‍රියාත්මක වූ බව පිළිගනු ලබන කරුණකි. අභයගිරිය Iවැනි ගජබාහු රාජ්‍ය සමයේ සිට 12 වැනි සියවස දක්වා ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන චින්තන අධ්‍යයනය සඳහා බලගතු මධ්‍යස්ථානයක් විය. ඒ අතරම විවිධ වැදගත් බෞද්ධ විද්වත්තු සංස්කෘත සහ පාලි යන භාෂා දෙකෙහිම කටයුතු කරමින් සිටියහ. ‘විමුක්තිමග්ගය’ රචනා කළ ‘උපතිස්ස’ හිමියෝ, ‘සද්ධම්මෝපායනය’ රචනා කළ කවිචක්‍රවර්ති ආනන්ද, ඉන්දියාවේ සිට පැමිණි ආර්යදේව, ආර්යසුර සහ තාන්ත්‍රික ගුරුවරුන් වන ජයභද්‍ර සහ චන්ද්‍රමාලි යන සියල්ලෝම මේ අතර වූහ.

ඉහත ඓතිහාසික කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාවේ පවතින ථෙරවාදී බුදුදහම සැලකිය යුතු ප්‍රමාණයකින් සංස්කෘත සම්ප්‍රදායේ බලපෑමට ලක්ව ඇති බව නිගමනය කිරීම එතරම් අපහසු නැත(එහෙත් එය පිළිගනු ලබන්නේ අල්ප වශයෙනි). එහෙත් මෙම මහායාන ව්‍යාපෘතිය අවධානය යොමු කරන්නේ, මෙම සම්ප්‍රදායන් දෙක අතර පවතින වැරදි වැටහීම් සහ වැරදි අර්ථකථන දුරු කරමින් සමානකම් සොයා ගැනීමට, භාෂා දෙකෙන්ම ලියැවුණු බෞද්ධ සාහිත්‍යය වෙත ළඟා වීමට සෑම කෙනෙකුටම මංපෙත් සලසා දීම සඳහා නොවේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව වැනි බහුතරයක් සංස්කෘත සම්ප්‍රදායට නිරාවරණය නොවන රටක, එම ශුද්ධ ග්‍රන්ථ අධ්‍යයනයේ යෙදී සිටින අතලොස්සක් සිටියදීත්, ‘පාලි’ සහ ‘සංස්කෘත’ සාහිත්‍ය දෙකටම යොමු වීමට අවස්ථාව සලසාදීම නිවැරදි බෞද්ධ ඉගැන්වීම් හඳුනාගැනීමේ වර්තමාන ගුරු භික්ෂූන් හමුවේ ඇති වැදගත් වගකීමකි.

ටිබෙට් අධ්‍යාත්මික නායකයා සේම සමස්ත ලෝකයම ගෞරව කරනු ලබන සාමයේ බෞද්ධ නායකයකු වන දලයි ලාමාතුමා මේ දිනවල වාසය කරන්නේ ඉන්දියාවේ බුද්ධගයාවේය. උන්වහන්සේ හමුවීමට පසුගිය සතියේ ශ්‍රී ලාංකික විශේෂ භික්ෂු දූත පිරිසක්ද බුද්ධගයාවට ගොස් තිබිණි. එහිදී දෙපාර්ශවය අතර වැදගත් කරුණු රැසක්ම සාකච්ඡාවට ගෙන තිබුණු අතර, දලයි ලාමාතුමාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙසද ආරාධනා කර තිබිණි. දලයි ලාමාතුමාද මෙම ඊනියා ‘මහායාන සහ ථේරවාද යන බෙදීම්වලට එකඟ නැත. ථේරවාදය, මහායානය හෝ වජ්‍රයානය ලෙස වෙන වෙනම අවධාරණය නොකර, මෛත්‍රීයේ එක කුඩයක් යට සියල්ලන්ටම එකමුතු වන ලෙස උන්වහන්සේ බෞද්ධයන්ගෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටිති. මෙම සියලුම සාම්ප්‍රදායන් තුළ බුද්ධ දේශනාව පැහැදිලි කෙරෙන්නේ ‘මැද මාවත’ අවධාරණය කරමිනි. මෙම සෑම බෞද්ධ සම්ප්‍රදයකටම අනුකූලව ජීවිතයක් ගත කිරීමේ මූලික පදනම වන්නේ මැද මාවතයි. එබැවින් ‘පාලි සහ සංස්කෘත භාෂා වෙනුවෙන් ‘සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයක්’ පිහිටුවීමේ අවශ්‍යතාව දලයි ලාමාතුමන් කලක පටන් පෙන්වාදුන් අවශ්‍යතාවකි.

මෙවැනි සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයක් වෙතින් අපේක්ෂා කරන අරමුණු කිහිපයක්ම වෙයි. පාලි සහ සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ වෙත යොමු වීමට උනන්දුවක් දක්වන උගතුන්ට පැරණි භාරතීය දැනුම ලබාගැනීමේ අවස්ථාව සලසා දීම ඒ අතුරින් ප්‍රධාන් වේ. බෞද්ධ ග්‍රන්ථ, ශ්‍රව්‍ය හා දෘෂ්‍ය මාධ්‍යයෙන් පර්යේෂකයන්ට තම පර්යේෂණ කටයුතුවල භාවිත කිරීමට පහසුකම් සැලසීම තවත් අරමුණකි. ඊට අමතරව, සම්ප්‍රදායන් දෙකම අතර ඇති හිඩැස් නැති කරමින් සියලු බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානවල පහසුකම් ලබන්නන්ට අන්තර් ක්‍රියා කිරීමට/ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට සහ සමාන්තර තේරුම් ගැනීමට උපකාර කිරීම, ශ්‍රී ලාංකිකයන්ට සංස්කෘත සම්ප්‍රදාය ඉගෙන ගැනීමට ලෝකවාසී බෞද්ධයන්ට විවෘත අවකාශයක් සැලසීම සහ පාලි සහ සංස්කෘත සම්ප්‍රදායන් අතර අවබෝධය හා දැනුවත් කිරීම සඳහා අවස්ථාව සලසා දීම අනෙකුත් අරමුණු ලෙස හඳුනාගෙන ඇත.

එම අරමුණු සහිතව බුද්ධගයාවේ ටිබෙට් ආරාමයේදී විශේෂ සාකච්ඡාවක් සඳහා ශුද්ධෝත්තම දලයි ලාමා තුමා ශ්‍රී ලංකා ප්‍රධාන නිකායේ ත්‍රිවිධ මහානායක ස්වාමීන් වහන්සේලාට ආරාධනාවක් කළහ. පෙරකී ලෙස, ඒ වන විට මහානායක හිමිවරු වැඩසිටියේ දැනට ක්‍රියාත්මක පාලි සහ සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනට සමගාමීව බුද්ධගයාවේය. ඒ අනුව, මෙම විශේෂ සාකච්ඡාව සඳහා අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන්, අතිපූජ්‍ය සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය මහා නායක සියම් මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ නියෝජ්‍ය සභාපති අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අනුනායක හිමිවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. එහිදී පැවැත්වූ සාකච්ඡාවේදී පාලි සහ සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ සමාරම්භය නිල වශයෙන් සනිටුහන් කෙරුණු අතර, ‘පාලි සහ සංස්කෘත භාෂා වෙනුවෙන් ‘සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයක්’ පිහිටුවීමේ නිල තීරණය ගනු ලැබීය.

එහිදී අනාවරණය වූ තොරතුරු වලට අනුව දැනටමත් එම මධ්‍යස්ථානය වෙනුවෙන් භෞතික සංවර්ධන කටයුතු ආරම්භවී ඇත. ඒ වෙනුවෙන් මේ වන විට ඇස්තමේන්තු කර ඇති මුලික මුදල ඩොලර් ලක්ෂ 275,000කි. වර්ග අඩි 12,000ක ගොඩනැගිල්ලක් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොළඹට නුදුරුව ඉදිකෙරෙන අතර 2023 වසරේදී එම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...